මිනිසුන් සැනසූ මිනිසකුට උපහාර පිදුනු මොහොතක්!
බර්ටි ගුණතිලක කියන්නේ ජෝකර් කෙනෙක් නොවෙයි.
ඔහු ගැඹුරු හාස්‍යය මතුකළ අතිදක්‍ෂ විකට නළුවෙක්. ඒ විතරක් නොවෙයි ඔහු සමකාලීන මිතුරන් වන ඇනස්‌ලි, සැමුවෙල්ලත් එක්‌ක මේ මුළු රටම හිනස්‌සවමින් කරපු සේවය අතිවිශිෂ්ටයි. යෑයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.
"ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විනෝද සමය" තුලින් මුළු රටම සිනා සාගරයක ගිල්වූ සැමුවෙල්, ඇනස්‌ලි, බර්ටි තුන් කට්‌ටුවේ බර්ටි ගුණතිලක නම්වූ විශිෂ්ට කලාකරුවා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව සංවිධානය කළ උපහාර පිදීමේ උත්සවයේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ මෙම උපහාර පිදීමේ උත්සවය පැවැත්විණි. මෙහිදී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා අතින් උපහාර තිළිණයක් බර්ටි ගුණතිලක මහතාට පිරිනමනු ලැබීය.
එහිදී තවදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද කීය.
"මම පුංචි කාලේ බර්ටි ගුණතිලක, ඇනස්‌ලි, සැමුවෙල් යන මේ විකට රජවරුන් තුන් දෙනාගේ විනෝද සමය වැඩසටහන ගුවනින් ඇසුවා. මේ විනෝද සමය වැඩසටහන් අහලා මං පුදුමාකාර වින්දනයක් ලැබුවා. දේශපාලනයේ නියෑලෙමින් අප තුළ කැකෑරුණු පීඩනය මේ වගේ විශිෂ්ට උපහාර උත්සවයකට සහභාගි වී ගත කළ සුළු මොහොත තුළ මාස ගණනක සැහැල්ලුවක් විනෝදයක් අපි හැමෝටම ලැබුණා.
"නූතන රූපවාහිනි මාධ්‍ය කලාවෙන් රූපය පෙන්වන යුගයක ගුවන් විදුලි නාට්‍යය තුලින් වචනයෙන් ඇති කළ හාස්‍යය, ඒ තුළින් ලැබූ වින්දනය අති ශේ්‍රෂ්ඨයි. බර්ටි ගුණතිලක කියන්නේ දුටුවාම අප කාටත් හිනායන චරිතයක්. නමුත් අද ජෝකර්ලා දකින කොට හිනායනවා වගේ නොවෙයි."
බර්ටි ගුණතිලක කියන්නේ ලේ වලට කාවදින හාස්‍යය රසය මතු කළ චරිතයක්. තවත් ඩුප්ලිකේට් බර්ටි කෙනෙක් හදන්න බැහැ. තව කෙනෙකුට ඒ චරිතයට පණ පොවන්න බැහැ. කොහොම වුණත් අද මේ විශිෂ්ට කලාකරුවා ඇගයීම ඉතා වැදගත් දෙයක්. අද ශ්‍රී ලංකා ගුවන් විදුලිය අනාගතය යායුතු මාර්ගය වටහා දෙමින් සභාපතිවරයා ඇතුළු සේවක මඩුල්ල කළ කාර්යය ගැන ස්‌තුති කළ යුතුයි.
මෙහිදී කතා කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිස්‌ස කාරියවසම් මහතා මෙසේ කීය.
එදා ගැමි නාට්‍යය තුළ ගැඹුරු හාස්‍යය රසය තිබුණා. නූර්ති හා ටීටර් නාට්‍ය කලාවේ හැම නාට්‍යයකම සිටි විකටයා කළේ මේ හාස්‍යය මතුකරන එකයි. ගැහැණු ලෙස හැඳගත්තු වයසක පිරිමි කෙනෙක් වේදිකාවට පැමිණ රඟදක්‌වන විට ලැබූ හාස්‍ය රසය ඉතා ඉහළයි. සිවම්මා ධනපාල නාට්‍යය විකට රසය ඉතා හොඳට මතු කළ නාට්‍යයක්. පැරැණි නාට්‍යය කලාව තුළ තිබුණු හාස්‍යය තුළින් ලාබ සිනාවක් නොව ව්‍යක්‌ත සිනාවක් මතුවුණේ. ඔවුන් සිනහව නිර්මාණය කළේ බුද්ධිමත්වයි. 1940-50 දශකයේ සිටි පැරැණි නාට්‍යකරුවන් ලෙස එච්. ඒ. පෙරේරා, ජෝෂප් සෙනෙවිරත්න, වින්සන් වීරසේකර, එච්. ඩී. විඡේදාස, ඇල්µ්‍රඩ් පෙරේරා, එඩී ජයමාන්න හැඳින්විය හැකියි. ඒ පරම්පරාවේ තවත් පුරුකක් ලෙස බර්ටි ගුණතිලක හැඳින්විය හැකියි.
ගුවන් විදුලියේ අලුතින් නිර්මාණය වුණ විකට නාට්‍යය සඳහා ගුවන් විදුලි භාෂාවක් බර්ටි, ඇනස්‌ලි, සැමුවෙල් තුන් කට්‌ටුව නිර්මාණය කළා. ඒ හරහා සත්‍යය භාෂාවක් මතු කළා. ඔවුන් තිදෙනා සත්‍යය වූ හාස්‍යය උත්පාදනය මිනිසුන්ගේ දුර්වලතා වලදී හිනාවෙන්න හාස්‍යය මතු කළා.
රූපණ චාතුර්යය දැක්‌වීම, වචන ලිවීම පමණක් නොව ප්‍රසිද්ධ වේදිකාවල් පසුව ආවා. ඔහු රඟපෑ ආකාරය දිහා බැලුවාම හාස්‍ය ඇතුළාන්තයෙන් මතුවෙන ගැඹුරෙන් සමාජයට විශාල දෙයක් කියා දුන්නා. බර්ටි පුංචි බබෙක් ලෙස කළ රංගනය, මනමාල පෙනුම මතුකරමින් කළ රංගනය අති විශිෂ්ටයි. ඔහු ඒ චරිතය තුළ ජීවමාන ලෙස ජීවත් වෙමින් විශිෂ්ට අයුරින් රඟපෑවා. අද කණ්‌ඩායමක් විදිහට එකට වැඩ කරන්න බැරි සමාජයක මේ විකට තුන්කට්‌ටුව කාලාන්තරයක් තිස්‌සේ හාස්‍යය රංගනයේ යෙදීම අපි හැමෝටම ආදර්ශයක් ගෙන දෙනවා. ඒ හැම නාට්‍යයකම පුළුල් වු ඥන පරාසයක් තිබුණා.
බර්ටි ගුණතිලක ඉපදුනේ මහනුවර. තරුණ කාලයේ ඔහුට සමාජවාදී අදහස් තිබුණා. වාමාංශික අදහස් තිබුණා. කොළඹට ආවත් එකතැනට වී සිටියේ නැහැ. ඒ විප්ලවකාරී ස්‌වභාවය නිසා පසුව ඔහු ගුරු වෘත්තියේද නියෑළුණා. ඔහු අධ්‍යාපනයට තෝරා ගත්තේ කලා ක්‍ෂේත්‍රයයි. ඔහු 1950 දී "බණ්‌ඩා නගරයට ඒම, දොම්පෙ ආයා", 1945 දී "දෙහිවල හන්දිය, නගර සෝභිනිය" ආදී නාට්‍යවල රඟපා තිබෙනවා. විකට නාට්‍ය කලාවේ උත්ප්‍රාසය සඳහා නියෑළුණු ඔහු කාලීන උත්ප්‍රාස හිනාව, ලාභ හිනාව නොව ගැඹුරු උත්ප්‍රාස හාස්‍ය මතුකරන නළුවෙක් විදිහට බර්ටි ගුණතිලක මහතාව හඳුන්වන්න පුළුවන්.
මෙම අවස්‌ථාවට හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්‌ටිආරච්චි, අධ්‍යක්‍ෂ ජනරාල් සමන්ත වැලිවේරිය, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මයුරි අබේසිංහ, මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්‌ඩාර, බුද්ධදාස ගලප්පත්ති, ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහ, මර්සි එදිරිසිංහ, බන්දු සමරසිංහ, සුමින්ද සිරිසේන යන මහත්ම මහත්මීන්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සේවක සේවිකාවන්ද, බර්ටි ගුණතිලක මහතාගේ දූ දරුවන්, සහෝදර සහෝදරියන්, රසික හිතවතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සචිත්‍ර අල්වලගේ සහ ප්‍රියන්ත මද්දුමආරච්චි
Ireland captain Doris returns but Hansen ruled out
-
Ireland captain Caelan Doris is passed fit to start Saturday's Six Nations
game against France, but Mack Hansen is ruled out through injury.
17 minutes ago
0 comments:
Post a Comment