Monday, May 28, 2012

"හඬ" ගුවන් විදුලි ශ්‍රව්‍ය මාධ්‍යයේ මුද්‍රිත හඬ

"හඬ" ගුවන් විදුලි ශ්‍රව්‍ය මාධ්‍යයේ මුද්‍රිත
හඬ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්

"හඬ" ගුවන් විදුලි ශ්‍රව්‍ය මාධ්‍යයේ මුද්‍රිත
හඬ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්

සෙත් පිරිතෙන් මුළු රටම අවදිකොට කරණීය මෙත්ත සූත්‍රයෙන් සකල ලෝක සත්වයාට මෙත් වඩා නින්දට යන ජනතාවක්‌ බිහි කළේ අපේ ජාතික ගුවන් විදුලියයි. සතර පෝයට ධර්ම දේශනා හතරක්‌ ප්‍රචාරය කිරීම ආරම්භ කළේ 1929 සිටමය. 1934 මහනුවර දළදා පෙරහැර පිළිබඳ විස්‌තර ප්‍රකාශයක්‌ තැටිගත කර ප්‍රචාරය කළ අතර 1939 නොවැම්බර් 23 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහසෑයේ කොත්පැළඳවීමේ මහෝත්සවය විස්‌තර ප්‍රචාරය කරන ලද්දේ මහාචාර්ය ගුණපාල මලලසේකර හා ලීලානන්ද කල්දේරා විසිනි. 1947 ජාතික කෞතුකාගාරයේ පැවැති අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය විස්‌තර ප්‍රචාරය කරන ලද්දේද ලීලානන්ද කල්දේරා විසිනි. එමෙන්ම 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් 1954 සිටම විවිධ වැඩසටහන් පෙළගැස්‌විණි.
1956 දී අධි තරංගමාලා භාවිතයෙන් ශ්‍රී පාදස්‌ථානයේ සිට විශේෂ වැඩසටහනක්‌ද 1957 දී සමස්‌ත ඉන්දීය ගුවන් විදුලියේ අනුග්‍රහයෙන් බුද්ධගයාවේ සිට එක එල්ලේ බුද්ධ ජයන්ති වැඩ සටහනද ප්‍රචාරය කිරීමට අපේ ජාතික ගුවන් විදුලිය සමත් විය. 1956 දී විජිතනන්ද මැණික්‌ දිවෙල මහතා ආගමික වැඩසටහන් සහකාර ලෙස පත්කිරීමෙන් පසු බෝසත් ළමා ළපැටියෝ, රේඩියෝ දහම් පාසල, දම්සභා මණ්‌ඩපය ඇතුළු වැඩසටහන්ද සුවිශේෂ ආගමික උත්සව කටයුතු විස්‌තර ප්‍රචාරය සඳහා අනුග්‍රහයද සෙසු ආගම්වලට අයත් විවිධ වැඩ සටහන් වලටද ගුවන් විදුලිය එකසේ දායකත්වය ලබා දුන්නේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ "අගනා" නිල ප්‍රකාශනය වන හඬ සඟරාවේ මෙවර කලාපය මුළුමනින්ම වෙන්කර ඇත්තේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙනි. එහි එන කතුවැකියෙන් බිඳක්‌ මෙහි පළමුව පළ කරමු. "අගනා" යන වදන අපි මෙම හඬ සඟරාව සඳහා භාවිත කරනුයේ එපමණටම පෙර කලාප මෙන්ම මෙවර හඬ කලාපයද සුවිශේෂ වූ ලිපි සමුච්චයකින් සංගෘහිත වීම නිසාය. "හඬ" සඟරාව අප අතීතයටත් වර්තමානයටත් අනාගතය දකින්නටත් මග පෙන්වන පුංචි කැඩපතක්‌ බඳුය. අනගාරික ධර්මපාලතුමා 1925 දී ඇමරිකාවේ නිව්යෝර්ක්‌ හිදී පවත්වන ලද දේශනය සම්බුද්ධ වචනයෙන්ද බෞද්ධාගමේ ආධ්‍යාත්මික හරය (ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර) නූතන ධර්මදේශනා ආකෘතිය ගුවන් විදුලියේ නිර්මාණයකි (ආචාර්ය රාජා ධර්මපාල) බුදු සමය ලෝක ආගමක්‌ද (මහාචාර්ය වල්පොල රාහුල හිමි) මගේ ආගම කතෝලික - සංස්‌කෘතිය බෞද්ධ මර්සලීනු ජයකොඩි පියතුමා කළ සඳහන (සෝමසිරි කස්‌තුරිආරච්චි.
ඒවං මේ සුතං (මහාචාර්ය ජේ. බී. දිසානායක) නුවණැස පහළවේවා (කොස්‌ගොඩ සිරි සුධම්ම හිමි) හා ආචාර්ය අජන්තා රණසිංහ කැත්ලීන් ජයවර්ධන ඇතුළු වියත් ලේඛකයන් ලියූ වටිනා ලිපිද 1934 මහනුවර ඇසළ පෙරහැර පිළිබඳ ප්‍රථම බොදු විස්‌තර ප්‍රචාරය (එස්‌. ලියනගේ විසින් සැකසුණු) මෙරට ප්‍රථමවරට සඟරාවකින් එළිදකින බෞද්ධ ගීත ඒවා ගැයූ හා ගායක ගායිකාවන්ගේ නාමාවලින් ද මෙහි ඇතුළත් තවත් වටිනා ලිපි දෙකක එමෙන්ම ඉතා විරල පැරණි ඡායාරූප රාශියකින්ද යුක්‌ත "හඬ" මෙම පාඨක විචාරක මෙන්ම විද්වතුන්ගේද අවධානයට පාත්‍රවිය යුතු යෑයි කිව යුතුය. ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා උපදේශක ලෙසත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්‌ඩාර ප්‍රධාන සංස්‌කාර ලෙසත් කුමාරදාස සපුතන්ත්‍රීගේ අධීක්‍ෂණයෙන්ද යුත් "හඬ" මෙවර කවරය සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් සැරසී තිබේ. 0112697497 වෙතින් හඬ පිළිබඳ ඔබට දැනගත හැකිය. "හඬ" හි එන අනගි කවර නිර්මාණය පිටු සැකසුම් ප්‍රේම් දිසානායකයන්ගේ ෆස්‌ට්‌ ඇඩ්ස්‌ (ප්‍රයිවට්‌ ලිමිටඩ්) වෙතින් වීමද සඳහන් කළ යුත්තකි. සංස්‌කාරක හඬ සඟරාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව කොළඹ 7 වෙත "හඬ" ට ඔබේ හඬ යොමු කළ හැකිය.

-
නාරද නිශ්ශංක - Divayina
 

5 comments:

Anonymous said...

Appreciate the recommendation. Let me try it out.


Also visit my web-site ... more info

Anonymous said...

This is a topic that is near to my heart... Cheers! Where are
your contact details though?

my web page :: click here

Anonymous said...

Hi there, You have done an excellent job. I will definitely
digg it and personally suggest to my friends. I am sure they'll be benefited from this web site.

Anonymous said...

Its like you learn my thoughts! You appear to
know so much about this, like you wrote the ebook in it or something.
I feel that you simply could do with a few percent to pressure the message
home a little bit, but instead of that, that is excellent blog.
A great read. I will certainly be back.

Have a look at my blog ... burst Pipes kwazulu natal

Anonymous said...

Fine way of telling, and fastidious paragraph to get information on the
topic of my presentation subject, which i am going to deliver in school.


Here is my webpage; tetrafullsa.co.za

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Indunil Jayawardhana | Bloggerized by S.L.B.C. Training Institute - ABC | 123, ABC